අලුත් ජාවාරමක් ගැන විශේෂ දැනුම්දීමක්

අලුත් ජාවාරමක් ගැන විශේෂ දැනුම්දීමක්

April 28, 2024   04:33 pm

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කර ජනතාවගෙන් මුදල් වංචා කරන අමුතුම ජාවාරම් පිළිබඳව අනාවරණය වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසන්නේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මෙලෙස විදෙස් රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවය.

ආයෝජකයින් සහ රැකියා අපේක්ෂිත තරුණ පිරිස් මෙම ජාවාරම්කරුවන්ගේ විශේෂ ඉලක්කයක් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ එවැනි වංචාකාරී ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වෙන ලෙසටය.

එසේම එවැනි පුද්ගලයෙකු බවට සැකයක් ඇතිවුවහොත් වහාම 071 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසටය.