හමාස් සංවිධානයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්

හමාස් සංවිධානයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්

April 28, 2024   01:38 pm

ගාසාහි හමාස් සංවිධානය ඔක්තෝබර් 7 ප්‍රහාරයේ සිට ප්‍රාණඇපයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඔවුන් ඊශ්‍රායල ජාතික 47 හැවිරිදි ඔම්රි මිරාන් සහ අමෙරිකානු සම්භවයක් සහිත 64 හැවිරිදි කීත් සීගල් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම වීඩියෝව පටිගත කළ දිනය නිශ්චිත නොවූවත් එය ඉතාමත් මෑත කාලයේදී පටිගත කරන ලද්දක් බවට වාර්තා වෙයි.

මෙලෙස ප්‍රාණඇපකරුවන්ගේ වීඩියෝවක් නිකුත් කිරීමත් සමග, නිදහස් කර ගැනීමේ නව ගිවිසුමකට එළැඹෙන ලෙස ඊශ්‍රායල රජයට බල කරමින් ඊශ්‍රායල ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ.

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 129ක් තවමත් හමාස් භාරයේ සිටින අතර ඉන් 34 දෙනෙකු මිය ගොස් ඇතැයි සැලකේ.