දරුවෙක් දියේ ගිලුනොත් මුලින්ම කරන්න ඕන දේ මෙන්න

දරුවෙක් දියේ ගිලුනොත් මුලින්ම කරන්න ඕන දේ මෙන්න

April 27, 2024   08:30 pm

දියේ ගිලී අනතුරකට ලක්වූ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් කළ යුතු ප්‍රතිකාර මොනාවද යන්න පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා කරුණු පැහැදිළි කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ,

"මුලින්ම දරුවාව දියෙන් ගොඩට අරගෙන සමතලා බිමක තියා ගන්න. ඊට පස්සේ දරුවාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න. මුඛයේ යම් අපද්‍රව්‍යක් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. ඊට පස්සෙත් එයා හුස්ම ගන්නේ නැත්නම් නාසය කට දෙකම ආවරණය වන පරිදි කෘතිම ස්වසනය වාර 5ක් ලබාදෙනවා."

"ඒත් එයාගේ ප්‍රතිචාරයක් නැත්නම් අපි දරුවාගේ පපු ප්‍රදේශය තෙරපුම් වාර 15ක් ලබාදෙන්න. කුඩා දරුවක් නම් අපිට ඇඟිලි දෙකෙන් කරන්න පුළුවන්. ලොකු දරුවෙකු නම් අත්දෙකෙන් හෘදය වස්තුව තෙරපන්න පුළුවන්. අපි බඩ ප්‍රදේශ තෙරපුවොත් හෝ නැත්නම් දරුවාගේ කකුල් දෙකෙන් ඉස්සුවොත් දරුවාගේ බඩේ තියෙන වතුර එළියට ගිහිල්ලා නැවත් ස්වසන මාර්ගයට ඇතුළු වෙලා නැවත පෙනහලුවලට ගිහිල්ලා තවත් හානි වෙන්න පුළුවන්." 

"තාම එයාගේ ප්‍රතිචාරයක් නැත්නම් නැවත අපි ස්වසන වාර දෙකක් ලබාදීලා නැවතත් තෙරපුම් 15ක් ලබාදෙනවා. මේ වගේ අපි දිගටම මේක කරගෙන යනවා අපිට උදව් ලැබෙනකම් හරි... දරුවාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනකම්ම."