මෙරටට ගෙන්වූ ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්
April 27, 2024 03:53 pm
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා සහ එම අධ්යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සංදේශයක් භාරදුනි.
ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමට අදාළව චෝදනා එල්ලවී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමිනි.
මේ අතර අක්ෂි රෝගීන් සඳහා භාවිත කරනු ලබන ඖෂධයක් හේතුවෙන් ආසාත්මිකතා ඇති වූවන්ට මෙන්ම ඇස් අන්ධ වූවන් වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් ආරම්භ කර වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.