කොළඹ ප්‍රධාන මාර්ගයකට බෝ අත්තක් කඩාවැටෙයි

කොළඹ ප්‍රධාන මාර්ගයකට බෝ අත්තක් කඩාවැටෙයි

April 24, 2024   04:30 pm

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබේ.

ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇත.

බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතී.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරයි.