Fox Hill Journey පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

Fox Hill Journey පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

April 23, 2024   04:27 pm

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්‍රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් දැක්වෙන්නේ මෙම DJ රාත්‍රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවය.

බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවද එහි දැක්වෙයි.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවය.

සමස්ථ යුද්ධ හමුදාව කම්පනයට පත්ව සිටින මොහොතක යුද්ධ හමුදාව හෝ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය අනුග්‍රහයකින් තොරව එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර තිබූ බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.