තායිවානයේ භූ කම්පනයක්

තායිවානයේ භූ කම්පනයක්

April 23, 2024   06:25 am

නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් භූ කම්පනයක් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.