මොරගහහේනේ පොලිස් වෙඩිතැබීමක්

මොරගහහේනේ පොලිස් වෙඩිතැබීමක්

April 23, 2024   05:37 am

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවය.