මේ පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් ගැන ඔබ දැන සිටියා ද ?

මේ පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් ගැන ඔබ දැන සිටියා ද ?

April 22, 2024   10:42 pm

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව එම නිවේදනයෙන් සඳහන් කරයි.

තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ යටතේ Beecoin App/Sunbird Foundation , Fast Win pvt ltd , Fruugo Oline App /Fruugo Oline pvt ltd ,Genesis Business School /Era Miracle pvt ltf ,Isimaga International pvt ltd,Ledger Block,Qnet/Questnet සහ Ride to Three Freedom pvt ltd යන ආයතන සහ යෙදවුම් එලෙස මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් පිරමිඩාකාර ව්‍යාපාර සිදුකළ බවට තොරතුරු ලැබී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

තවද මෙසේ නම්කරන ලද පිරමිඩාකාර ආයතනවලට විරුද්ධව, බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීම සළකාබලන මෙන්ති නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.