කොකේන් යැයි සැක මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොකේන් යැයි සැක මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

April 20, 2024   03:25 pm

තම ශරීරය අභ්‍යන්තරයේ සඟවා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව කාන්තාවන් දෙදෙනා තම ශරීරය අභ්‍යන්තරයේ සඟවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ගුලි 40ක් පිටතට ගෙන ඇති බව සඳහන් ය.

ඒවායේ  බර ග්‍රෑම් 500 කට ආසන්න බවද රේගුව සඳහන් කරයි.

සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී මෙම මත්ද්‍රව්‍ය කොකේන් බවට හඳුනාගෙන ඇති අතර එහි ‍වෙළ‍ෙඳපළ වටිනාකම රුපියල් මිලියන 20කට අධික බව සඳහන් ය.

මෙම කාන්තාවන් දෙදෙනා ගිනි ජනරජයට අයත් ජාතිකයින් වන අතර ඔවුන් 40 සහ 42 දෙහැවිරිදි වියේ පසුවන බව රේගුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.