ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට ප්‍රහාර

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට ප්‍රහාර

April 20, 2024   12:43 pm

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. 

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාකය ඊශ්‍රායලයට චෝදනා කර සිටියත් ඊශ්‍රායලය මෙන්ම අමෙරිකාව ද පවසන්නේ එම ප්‍රහාර සඳහා ඔවුන්ගේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බවය.

ප්‍රහාර පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.