අයහපත් කාලගුණයෙන් පාකිස්තානයට දැඩි බලපෑම්

අයහපත් කාලගුණයෙන් පාකිස්තානයට දැඩි බලපෑම්

April 20, 2024   12:01 pm

මෙම මස ආරම්භයේ සිට පාකිස්තානයේ කලාප රැසකින් වාර්තා වන අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 87ක් දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කයිබර් පක්තුන්ක්වා පළාතෙනි.

දරුණු ජල ගැලීම් ආශ්‍රිත අනතුරු සහ අකුණුසැර වැඳීම බහුතර මරණ සංඛ්‍යාවකට හේතුවී තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට පාකිස්තානය පුරා නිවාස 3,000කට ආසන්න සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශවී ඇති බවය.

පාකිස්තාන කාලගුණ අංශ පුරෝකථනය කරන්නේ, ඉදිරි සතියේදීත් අධික වැසි සහිත අයහපත් කාලගුණයක් වාර්තාවිය හැකි බවය.

මේ අතර පාකිස්තානයට අසල්වැසි ඇෆ්ගනිස්තානයෙන් ද මෙවැනිම කාලගුණික තත්ත්වයක් වාර්තාවන අතර දෙරටේම සිදුව ඇති මරණ සංඛ්‍යාව 135කි.

අධික වියළි කාලගුණයකින් පසුව වැසි ඇඳහැලීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.