බහින්බස්වීම ඝාතනයකින් කෙළවර වෙයි

බහින්බස්වීම ඝාතනයකින් කෙළවර වෙයි

April 20, 2024   10:55 am

වාලච්චේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මිතුරන් දෙදෙනෙකු අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

මියගොස් ඇත්තේ බිරන්දරච්චේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.