පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹේ

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹේ

April 19, 2024   02:31 pm

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ මහතා ජීවත්ව සිටියදී ඔහු විසින් සාදන ලද සුසානයේදී දේහය මිහිදන් කිරීමට සැලසුම් කර ඇත.

දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිට විශාල පිරිසක් දේහය තැන්පත්කර ඇති ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටී.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.

ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන ආවේය.

 

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.