ස්ථාන දෙකකදී ඝාතන දෙකක්

ස්ථාන දෙකකදී ඝාතන දෙකක්

April 19, 2024   11:14 am

කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුව ඊයේ (18) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

ඇඹිලිපිටිය මඩුවන්වෙල ජනපද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇත.

ඔහු කෑල්ල, කොලොන්න ප්‍රදේශයේ පදිංචිය සහිත පුද්ගලයෙකි.

එම පුද්ගලයා අදාළ කුලී නිවසේ තනිව පදිංචිව සිටිමින් ඉදල් සහ කොසු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ඊයේ (18) උදෑසන අරලගංවිල පිඹුරත්තෑව වැවේ මුල්ගල තොටුපලේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි මුල්ගල යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පසුගිය 17 වනදා පිඹුරත්තෑව වැවට ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සමග මත්පැන් පානය කර ඇති බවත් එම අවස්ථාවේදී ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඔවුන් විසින් හබලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටත් අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 67 හැවිරිදි සැකකරු සහ 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.