ඉන්දීය මහ මැතිවරණය අද

ඉන්දීය මහ මැතිවරණය අද

April 19, 2024   09:51 am

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි.

පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ.

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම ලබන ජුනි මස 4 වනදා සිදුකිරීමට නියමිතය.