වඩේ වැඩේ ලෙඩේ වී කොටුවූ සැකකරු
April 18, 2024 09:01 pm
කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළක් අද දෙරණ ඊයේ රට හමුවේ අනාවරණය කළේය.
ඒ අනුව අද දිනයේ මොරගල්ල සංචාරක පොලීසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු එම වෙළෙඳසැල අවට සිටින අයෙකු බවය.
ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (19) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මොරගල්ල සංචාරක පොලීසිය පැමිණ වෙළෙඳසැල් හිමියාගෙන් මෙම සිදුවීම පිළිබඳව අද ප්‍රශ්න කර ඇති අතර ඔහුට ද එහිදී දැඩිලෙස අවවාද කර තිබුණි.