ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අන්තිමට හමුවූ තැන

ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අන්තිමට හමුවූ තැන

April 18, 2024   05:17 pm

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ඝාතනයට ලක්ව ඇති අදාළ පුද්ගලයාගේ මළ සිරුර පෞද්ගලික ඉඩමක තිබී අද උදෑසන සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කුකුළු මස් ව්‍යාපාරියෙකු බවට අනාවරණය වී ඇත .

ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබඳව අනාවරණය වී නොමැති අතර රිදීගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.