බොරලැස්ගමුවේදී STF කොටුකරගත් තිදෙනාගේ පැටිකිරිය

බොරලැස්ගමුවේදී STF කොටුකරගත් තිදෙනාගේ පැටිකිරිය

April 18, 2024   03:55 pm

නියාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාර්තු මස 11 වනදා පිටිගල, නියාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාළ වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිමට සම්බන්ධ වී ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීපතම ගෝලයින් තිදෙනෙකු බවට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කර ඇත.

සැකකරුවන් තිදෙනා කහදූව, උණන්පිටිය සහ තවලම  යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31හැවිරිදි වියේ පසුවන්නන් බවට අනාවරණය වී තිබේ. 

සැකකරුවන් සතුව තිබී යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක් පොලිස්භාරයට ගෙන ඇති අතර පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.