දිරිය කතුන්...

දිරිය කතුන්...

March 29, 2024   04:36 pm

මෙරට තේ නිෂ්පාදනය සහ එයින් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිලිබඳව මාධ්‍යවේදින් දැනුවත් කිරීම සඳහා හැටන් දික්ඔය වතුයායේ අද (29) හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරී වරුණ ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවත් පවත්වා තිබුණි.

තම වතු සමාගමට තේ වතු 14 ක් තිබෙන බවත්, ඒ අනුව නිමි තේ කොළ අපනය කරන මෙරට ප්‍රධානතම වතු සමාගම තම වතු සමාගම බවත් ඔහු එහිදී පැවසීය.

මෙහිදී වතු හිමියන් සහ සේවකයන් මුහුණ දෙන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අතර ඒ සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කළේය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ හැටන් වැවිලි සමාගමේ සේවයේ යෙදී සිටින සේවිකාවන් කිපිදෙනෙකු සිය රාජකාරි අවසන් කිරීම සඳහා තමන් නෙලා ගත් තේ දළු බාරදීමට පැමිණ සිටන ආකාරය දැක්වෙන ඡායාරූපයකි.