තවත් පුද්ගල ඝාතනයක්

තවත් පුද්ගල ඝාතනයක්

March 29, 2024   08:58 am

තියුණු ආයුධයකින් පහරදී 31 හැවිරිදි පුද්ගලයෙකුව ඊයේ (28) අලුයම් කාලයේදී ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචි අප්පුජඳුර ප්‍රදේශයේදී ය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද අදාළ පුද්ගලයා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.