HIV ආසාදිතයින් ඉහළ ට

HIV ආසාදිතයින් ඉහළ ට

March 29, 2024   07:56 am

2023 වසරේදී HIV නව ආසාදිතයින් හයසිය අනූපස්දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එහි අධ්‍යක්ෂ, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවේ එය 2022 වසරට සාපේක්ෂව 14% ක වර්ධනයක් බවයි.

අනාරක්ෂිත ලිංගික ක්‍රියා, ආසාදිත මවකගෙන් දරුවෙකුට සහ ආසාදිතයෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරයට ඇතුළුවීම යන ප්‍රධාන ක්‍රම 3 ඔස්සේ HIV ආසාදනය සිදුවෙයි.

එලෙස ආසාදනය සිදුවී නිසි ප්‍රතිකාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර 2ත් 7ත් අතර කාලයේදී ඒඩ්ස් අවධියට පත්වෙයි.

ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළාය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ බව සඳහන් කළාය.