වෛරය සිව් පුද්ගල ඝාතනයකින් කෙළවර වෙයි

වෛරය සිව් පුද්ගල ඝාතනයකින් කෙළවර වෙයි

March 28, 2024   06:13 pm

අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ රොක්ෆර්ඩ් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

බදාදා නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියකින් අනතුරුව මෙම පිහි ඇනුම කර තිබුණි.

එහිදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක ගැහැණු ළමයෙක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් සහ 22 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය පැවසුවේ 22 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.