එන්නත් දුන් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගතකරයි

එන්නත් දුන් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගතකරයි

March 28, 2024   05:19 pm

එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර ඇත.

නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිසුන් 10 දෙනෙකු මෙලෙස රෝහල්ගතකර ඇති බවය.

වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස රෝහල්ගතකර ඇති සිසුන් ක්ලාන්ත ගතියක් සහ ශ්වසන අපහසුතා වැනි ලක්ෂණ පෙන්නුම් කරන බවටද වාර්තා වී තිබේ.