විදුලි බිල පහළ යන්නේ මෙහෙමයි
February 21, 2024 02:09 pm
ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.
ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.
එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇත.
