රුසියාවේ වෙඩිතැබීමක්
December 7, 2023 06:42 pm
රුසියාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
එම පාසලේ 14 හැවිරිදි සිසුවියක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පන්ති කාමරයේ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර ඇති එම සිසුවිය පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සිසුවෙකු එහිදී මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පියාට අයත් ගිනි අවියක් අදාළ සිසුවිය විසින් පාසලට රැගෙනවිත් ඇති බවට රුසියානු විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.