කිඹුලාවල Street Food ඉවරයි

කිඹුලාවල Street Food ඉවරයි

December 7, 2023   02:36 pm

තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.

මේ සම්බන්ධයෙන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළඳසැල් සංගමයේ වෙළෙඳුන් අද (07) මාධ්‍ය වෙත අදහස් පළ කළේය.