රන් ආභරණ සොරකම් කළ ගුවන්තොටුපොළ සේවකයකු අත්අඩංගුවට
September 30, 2023 10:46 am
විදේශගත වීමට පැමිණි කාන්තාවක ගේ රන් ආභරණ සොරකම් කළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පසුගිය 28 වැනිදා සිදු වූ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවකයා, ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරීක්ෂා කරන නිලධාරියකු බවයි.
සැකකරු ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් අනතුරු ව පොලීසිය වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ හීනටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ තොරතුරු මත කාන්තාව ගෙන් සොරකම් කරන ලද රන්මාලයක්, පෙන්ඩනයක් සහ මුදු 03ක් උකස් කර තිබිය දී සොයා ගත් බව පොලීසිය පවසයි.