ගොවි වන්දි පැහැර හැරීමක් ගැන අනාවරණයක්

ගොවි වන්දි පැහැර හැරීමක් ගැන අනාවරණයක්

September 30, 2023   08:36 am

ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ ගොවිතැන් සඳහා වන්දි ලබා දීම ආණ්ඩුව ක්‍රමානුකූල ව මඟහරිමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ගොවීන්ට වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

පෞද්ගලික අංශයට පොහොර ගෙන ඒම සඳහා රජය අවසර දීම මඟින් ඉදිරියේ දී පොහොර මිල ශීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බව ද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දී තිබේ.