ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ නීතිය හෙට සිට

ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ නීතිය හෙට සිට

September 30, 2023   08:29 am

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි. 

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා අවධාරණය කර තිබේ.