විශ්වවිද්‍යාල සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කෙරේ

විශ්වවිද්‍යාල සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කෙරේ

June 4, 2023   06:45 pm

යාපනය විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.

අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බව වාර්තා වෙයි.