ගජේන්ද්‍රකුමාර්ගේ සිද්ධිය ගැන වාර්තාවක් කැඳවයි

ගජේන්ද්‍රකුමාර්ගේ සිද්ධිය ගැන වාර්තාවක් කැඳවයි

June 4, 2023   05:42 pm

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර පසුගියදා යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පියවර ගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් යාපනය ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කළේය.

යාපනය වඩඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා දිනයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ජනතාව සමග සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමහ බහින්බස් වීමේ සිදුවීමක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) දිනයේදී පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ඊට අමතරව තමාද ඒ පිළිබදව විශේෂ වාර්තාවක් කැඳවීමට තීරණය කළ බව ටිරාන් අලස් අමාත්‍යවරයා අද දෙරණට සඳහන් කළේය.