ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ?
සයුරෙන් එතෙර

ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ?

June 1, 2023   04:55 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැත්වෙන BRICS සමුළුවේදී විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීව මෙම හමුව සිදුවනු ඇති බව වාර්තා වෙයි.

දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් එහිදී විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරෙනු ඇති බවටද වාර්තා වෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේදී අද හමුවුව හොත් ඉන්දු විදේශ අමාත්‍යවරුන් මෙම වසරේදී මුහුණට මුහුණ හමුවන තෙවන අවස්ථාව එය වනු ඇති.

එමෙන්ම මෙම සතියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ පැමිණීම සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර BRICS සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.