ජනතාව සජිත්ට ආදරෙයි-හරින්

ජනතාව සජිත්ට ආදරෙයි-හරින්

July 16, 2019   04:37 pm

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ජාලාවලින් මහා විනාශයක් සිදු කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ගැටළුවක් නොවන බව විදේශ රැකියා ,විදුලි සන්දේශ  අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ  (15)  බදුල්ලේදි පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වර්තමානයේ රටට පවතින තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට හා රටට දේශපාලන වශයෙන් එපා වු කාලයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

එය විසදා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගැන යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්නට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"පැරැණි ගතානුගතික ක්‍රමවේදයන්ට වඩා ලංකාව අවරුදු 52 ක නායකයෙකුට යනවා කීම තුළ මිනිසුන්ට රට ගැන විශ්වාසයක්  බලාපොරොත්තුවක් ඇතිකරගන්න පූළුවන්.

කතාවක් අල්ලාගෙන නොයෙකුත් සමාජ ජාලාවලින් මහා විනාශයක් කරන්න උත්සාහ කළත් ගමේ මිනිස්සු ආදරේ  සජිත්ට .

ඒක ආර්යාවද භාර්යාවද කියලා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නැහැ .ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ඒක්ක .ඒ වගේම රටේ බහුතරයක් ඉන්නේ සජිත්ට.  

ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා වැටිච්චි වළෙන් ගොඩ යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් එකම පවුලකට බලය දෙනවාට වඩා අයියගෙන් මල්ලිට , මල්ලිගෙන් බාප්පාට අම්මාගෙන් පුතාට යනවාට වඩා ප්‍රේමදාස කියන අරුත්බර නමක් තිබෙන  1995 ඉදලා පූර්ණ කාලීනව කටයුතු කර ඇති ගම්මු ආදරේ , ග්‍රාම සේවා වසම්14000 කම හැකියාවක් තිබෙන පුද්ගලයෙක් . සජිත්.

ඒනිසා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු කැමති නායකයෙකුට අපි ඉඩ දෙන්න ඕන .ඒක හරි ක්‍රම වේදය බව මගේ අදහස "