බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

April 23, 2019   07:20 pm

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අද කොළඹ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද සඳහන් කළේ බුර්කාව තහනම් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මෙරට මුස්ලිම් දේශපාලන නායකයින්ද බුර්කාව සාම්ප‍්‍රදායික මුස්ලිම් ඇදුමක් නොවන බව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.