අභිරහස් මරණයක්

අභිරහස් මරණයක්

November 20, 2018   01:55 pm

පොලොන්නරුව,අසේලපුර කුඹුරු යායක ඇල මාර්ගයක් අසල මිය ගොස් සිටි අලියෙකු සොයා ගෙන තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඊයේ (19) උදැසන වැලිකන්ද වන අඩවී නිලධාරින් විසින් මෙලෙස මිය ගොස් සිටි අලියා සොයාගෙන ඇති බවයි.

ඔවුන් පවසන්නේ මෙ‍ලෙස මිය ගොස් ඇති අලියා වසර 30ක් පමණ වයසැති බවයි.

විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇති බවට මෙම අලියාගේ ශරිරයේ විදුලි සැර වැදුණු සලකුණු කිහිපයක් තිබුණද අලියා මිය ගොස් සිටි ස්ථානයේ විදුලි වැටක් හො එවැන්නක් සිදු වීමට හැකි යැයි කිසිඳු සාක්ෂියක් නොමැති බවද වන ජිවී නිලධාරින් පවසයි.

මේ සම්බන්ධයෙන් වැලිකන්ද වනජිවී නිලධාරින් පරික්ෂණ පවත්වයි.