මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥයින්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්?

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥයින්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්?

November 20, 2018   11:35 am

පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයින්ගේ හැසීරිම  සම්බන්ධයෙන්  නීතිඥවරුන් එක්ව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
 
පාර්ලිමේන්තුව තුළ පසුගිය දා ඇති වු තත්ත්වය හේතුවෙන් මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බවත්, එවැන්නක් ඉදිරිපත් වේදැයි නීතිඥයෝ වශයෙන් බලා සිටින බව ද සුනිල් වටගල මහතා මෙහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලිය යුතු බවත්, ජනතාවට ද ඉදිරියේ දී මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීමේ දී කුමන ආකාරයේ නිර්දේශයන් ගත යුතු ද යන්න පිළිබඳ සොයා බැලීමට වගකීමක් ඇති බව ද වටගල මහතා පැවසීය.

කෙසේ වෙතත් කථානායකවරයාගේ පුටුවට වතුර වත්කරමින් මන්ත්‍රීවරුන් හැසිරුණ ආකාරය ගැන ඉදිරියේ දී පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.