පාර්මේන්තුවේ ඇස නොගැටුණ දසුන්

පාර්මේන්තුවේ ඇස නොගැටුණ දසුන්

November 14, 2018   02:12 pm

අද උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේ කටයුතු ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගනු ලැබුවේය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයට පෙර කතානායකවරයා විසින් පෙරවරු 08.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී පාර්ලිමේන්තුවේ අද දිනයේ කටයුතු පිළිබඳ සාකච්ඡා වී පැවැත්විය.

ඒ සඳහා පාර්ලිමේන්තු නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පෙරවරු 10.00 ට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණි.

අද දිනයේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගනු ලැබුවේය.

එමෙන්ම පියසේන ගමගේ සහ ඒ.එච්.එම්.ෆවුසි යන නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගැනීම විශේෂ සිදුවීමක් වුණි.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් කථානායක කරූ ජයසූරිය මහතා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසයි.

මෙහිදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ස්ථාවර නියෝග කිහිපයක් අත්හිටුවන ලෙස යෝජනාවක් සිදුකර තිබේ.

ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පලකිරීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථිර කර තිබේ.

කතානායකවරයා එහිදී සභාවට දැනුම් දී ඇත්තේ විශ්වාසභංග යෝජනාව ගෙනඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ලැබී ඇති බවයි.

ඒ සමඟම පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත් බව  අද දෙරණ වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගනු ලැබුවා.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා.


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.