බදුල්ල-කොළඹ මාර්ගයේ රිය අනතුරක්

බදුල්ල-කොළඹ මාර්ගයේ රිය අනතුරක්

November 8, 2018   05:04 pm

බදුල්ල - කොළඹ මාර්ගයේ හොරකැටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී යතුරුපැදිය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මොරවක, අතුවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරිරය බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර බලංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.