අපිත් එක්ක ගසක් සිටුවන්න ඔබත් සූදානම් වන්න

අපිත් එක්ක ගසක් සිටුවන්න ඔබත් සූදානම් වන්න

October 18, 2018   07:10 pm

මනුසත් දෙරණ සොබාදහම් බලකාය ක්‍රියාත්මක කරන පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියර කිහිපයක් අද(18) දිනයේදීත් පැවැත්වුණි. 

ඒ දෙරණ මාධ්‍ය ජාලයේ 13 වන සංවත්සරයට සමගාමීව, එළැඹෙන 28 වනදා පැවැත්වීමට නියමිත පැළ මිලියනයක් සිටුවිමේ ජාතික වැඩසටහනට සමගාමිවයි.

මනුසත් දෙරණ නේචර් ෆෝස්  බලකාය විසින් ආරම්භ කළ පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියරක් අද පැවැත්වුණේ කථානායක නිල නිවස කේන්ද්‍ර කරගනිමිනි.

එහිදී කතානායක කරූ ජයසූරිය මහතාට සහ එම කාර්යය මණ්ඩලයට පැළ ලබා දීම සිදු කෙරුණි.

එමෙන්ම ඇඹිලිපිටිය ඕමල්පේ මහ විද්‍යාලයේ සිසුන්ට සහ ගුරු භවතුන්ට පැළ ලබා දීමද අද සිදු කෙරුණි.

මේ අතර හම්බන්තොට මිරිජ්ජවිල කලපුව අවට රෝපණය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පැළ ලබාදීම දකුණු පළාත් පරිසර අමාත්‍ය එච්.ඩබ්ලිව්.ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.