හොර ගිනිබට ළඟ තියා ගත් මාවනැල්ල ශ්‍රීලනිප සංවිධායකට වැඩ වරදියි

හොර ගිනිබට ළඟ තියා ගත් මාවනැල්ල ශ්‍රීලනිප සංවිධායකට වැඩ වරදියි

October 18, 2018   11:32 am

මාවනැල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රි ඉම්තියාස් කාදර් මහතා ‍නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනා මත අද පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගනු ලැබවේය.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට(19) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. 

පාතාලය භාවිතා කරන ගිනි අවි සඟවා තිබෙන ස්ථානයක් පිළීබඳ පොලිස් විශේෂ කාර්යය බලකාය නිලධාරින් ලඳ බුද්ධි තොරතුරකට අනුව මාවනැල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රි ඉම්තියාස් කාදර් මහතාගේ‍ කැගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස අද(18) අළුයම වටලනු ලැබුවේය.

එහිදී ඩුබායි හි සිට ආනයනය කරන ලද ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා නවින එචි.කේ.එම්.පී. ෆයිව්. කේ වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, ටී 56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය නිලධාරින් සොයා ගෙන තිබේ.

සොයා ගත් ඩුබායි හි සිට ආනයනය කරන ලද ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා එචි.කේ.එම්.පී. ෆයිව්. කේ වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය මෙරට ප්‍රභූ ආරක්ෂාවේ යෙදෙන එස්ටීඑෆ් සහ යුද හමුදා කොමාන්ඩෝ සෙබලුන් පමණක් භාවිතා කරන අතර ගිනි අවි සඳහා වෙඩි තබන විට ශබ්දය නොඇසෙන ලෙස සයිලන්සරයක් සවිකිරීමේ හැකියාව ද තිබේ.

නිවස වැඩිදුර සොදිසි කිරිමේදි උල් අයුධ දෙකක් ලැප්ටොප් වර්ගයේ පරඝණකයක් ජංගම දුරකතන විදේශිය පැත්පැන් බොතල කිපයක් හා තවත් උපකරන තොගයක්ද පොලිස් බාරයට ගනු ලැබුවේය. 

එහිදී ඉම්තියාස් කාදර් මහතා අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොළඔ පිහිටි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත රැගෙන එනු ලැබුවේය.

එහිදි  සැකකරුගෙන් කරන ලද මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ ඩුබායි සිට රැගෙන ආ රූපවාහිනී යන්ත්‍රයක සඟවා ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා එම්.පී. ෆයිව්. කේ වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය රැගෙන බවයි.

මෙම කිසිදු ගිනි අවියක් ලියාපදිංචි කර නොමැති අතර ඒවා කුමන අවශ්‍යතාවක් සඳහා ලග තාබා ගත්තේද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පොලීසිය මේ වන විට අරම්භ කර තිබේ.

මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායකරවරයෙකු වු අතර ඔහු මීට පෙරද නීති විරෝධී ගිනි අවි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අයෙකි.