තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න විජේදාස සූදානම්

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න විජේදාස සූදානම්

October 18, 2018   07:57 am

පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා  පෙන්වාදෙන්නේ සංඛ්‍යාලේඛනවලට අනුව අඩුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන විනාශ වී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් බවයි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හානියට පත් පුරාවිද්‍යා ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.