ළිඳකින් මෝටාර් උණ්ඩ 9ක් මතුවෙයි

ළිඳකින් මෝටාර් උණ්ඩ 9ක් මතුවෙයි

October 18, 2018   07:34 am

පුපුරණ ද්‍රව්‍ය ඇති බවට සැක කරන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කළ අතර එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය පවතින බවට ප්‍රාදේශීය සභා සේවකයින් කළ දැනුම්දීමක් මත අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.

ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කොට ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය දැක ඇති බවද පොලීසිය පැවසීය.

පුදුකුඩිඉරිප්පු පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඊයේ(17) ළිඳ පරීක්ෂා කළ බවයි.

ගොඩගත් බෝම්බ කිලි‍නොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කළ බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.