මල් පෝච්චියක හොඳට වැඩුන කන්සා පැල

මල් පෝච්චියක හොඳට වැඩුන කන්සා පැල

October 17, 2018   04:14 pm

හැටන් කාසල්රි ප්‍රදේශයේ සංචාරක නිකේතනයක මල් පොච්චිවල වගා කර තිබු  කන්සා පැළ තුනක් සහ එම සංචාරක නිකේතනයේ කළමණාකාරවරයා අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසිය.

එම සංචාරක නිකේතනයේ මල් පැළ වගා කර තිබු පෝච්චි අතර මෙම කන්සා වගා කර තිබු බව මෙම වැටලීම සිදු කල හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මෙම සංචාරක නිකේතනයට පැමිණෙන සංචාරකයන්ට කන්සා ලබා දිම සඳහා වගා කලේද යන්න පිලිබදව හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

හැටන් පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර බව හැටන් පොලිසිය පැවසිය.