බඩුත් එක්ක හොරු මාට්ටු

බඩුත් එක්ක හොරු මාට්ටු

October 17, 2018   08:38 am

යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී කෝවිලකින් හා ප්‍රදේශයේ නිවාසවලින් භාණ්ඩ සොරාගත් පුද්ගලයින් හතරදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන විදුලි කණුවක ගැට ගසා පහරදීමෙන් අනතුරුව පොලීසිය වෙත බාරදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ තිරුනෙල්වේලි ප්‍රදේශයේ කොවිලක භාණ්ඩ සොරාගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් අදාළ සැකකරුවන් අල්ලාගෙන ඇති බවයි.

සැකකරුවන් කෝවිලෙන් පැහැරගත් පැරණි භාණ්ඩ කිහිපයක්ද සැකකරුවන් සතුව තිබියදී ප්‍රදේශවාසීන් සොයාගෙන ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළේය.

ප්‍රදේශයේ කෝවිල් දෙකකින් හා නිවාස හතරකින් පසුගියදා කිසියම් පිරිසක් භාණ්ඩ සොරාගෙන ගොස් තිබු අතර, අදාළ භාණ්ඩ සොරාගත්  පිරිස පිළිබඳ කෝවිල් තුළ සවිකර තිබු සී.සී.ටී.වි දර්ශන ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණයින් අදාළ පිරිස හඳුනාගෙන සැකකරුවන් තවත් සොරකමක් සිදුකරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

තරුණයින් සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් අල්ලාගෙන ඇති අතර එහිදි තරුණයින් දෙදෙනෙකු පැනගොස් තිබු බවද යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේය.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ අල්ලාගත් තරුණයින් දෙදෙ‍නා ප්‍රධාන මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැට ගසා ප්‍රදේශයේ තරුණයින් පහරදි අනතුරුව පොලීසිය වෙත බාරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.