තෙඹුවන කැලඹු පොලිස් නිලධාරියාට ජනපතිගෙන් තෑග්ගක්

තෙඹුවන කැලඹු පොලිස් නිලධාරියාට ජනපතිගෙන් තෑග්ගක්

October 16, 2018   07:24 pm

පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ තිබේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය.