නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

October 12, 2018   06:53 pm

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධූරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබීය.

මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.