ජාති-කුල-භේද අමතක වූ මොහොතක්

ජාති-කුල-භේද අමතක වූ මොහොතක්

October 12, 2018   05:50 pm

අරුවක්කාඩු කසල අංගනයට දැඩි විරෝධය  පළ කරමින් අද( 12 ) දහවල් පුත්තලම කලපු තීරයට එක්වු ජනතාව සහ සර්ව ආගමික නායකයින් ප්‍රතිඥාවක් ලබා දෙමින් පවසා සිටියේ එම ව්‍යාපෘතිය කිසිසෙත් පුත්තලමේ කිසිදු ස්ථානයක ඉදි කිරීමට රජයට ඉඩ නොදෙන බවයි.

පුත්තලම කලපු තීරයේ සංවිධානය කර තිබු මෙම ප්‍රතිඥා විරෝධතාවයට බෞද්ධ භික්ෂුන්වහන්සේලා, කතෝලික පියතුමන්ලා, කුරුක්කල් තුමන්ලා, මවුලවිවරුන්, ඇතුළු සර්ව ආගමික නායකයින් එක්ව සිටි අතර ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාව 5000 කට වැඩි පිරිසක් එක්ව තිබිම දැක ගත හැකි විනි.

පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය විසින් සංවිධානය කර තිබු මෙම සර්ව ආගමික නායකයින්ගේ ප්‍රතිඥාව සමඟ ජනතා විරෝධතාවය දහවල් 12.30 පමණ ආරම්භ ව තිබු අතර එහිදි එම අවස්ථාවට සහභාගිවි සිටි සර්ව ආගමික නායකයින් ඉදිවෙමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට දැඩි විරෝධය මතු කරමින් අනුශාසනා කරන්නට විය.

ඉන් පසුව එක්ව සිටි 5000 කට ආසන්න ජනතාව තම විරෝධය රජයටත් අරවක්කාඩු කසල අංගනයටත් විරෝධය පාමින් පුත්තලම නගරයේ පුරා පොස්ටර් බැනර් කටවුට් රැගෙන පා ගමනින් ඝෝෂා කරමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියට පැමින විරෝධය මතු කරන්නට විය.

එහිදි මෙම විරෝධතාකරුවන් අතරින් ආගමික නායකයින් පිරිසකට පුත්තලම දිසත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ඒ.ඩි.එම් .අතුකෝරාල මහත්මිය සමග සාකජ්ජාවකට එක්විමට අවස්ථාව ලබා දි තිබුනි.

මෙහිදි මෙම කසල අංගනයට දැඩි විරෝධය මතු කරමින් කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමියන් පවසා සිටියේ මෙම කසල අංගනය ආපසු රැගෙන යන තුරු ජනතාව සමග එක්වි විරෝධය මතු කරන බවයි.

මෙහිදි සහකාර දිස්ත්‍රික් ලේකම්වරියට සංදේශයක් බාර සිදුවු අතර ඉන් පසුව පිරිස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණ විරෝධතා කරුවන් දැනුවත් කිරිම සිදුවිනි.

අනතුරුව විරෝධතාකරුවන් නැවතත් පා ගමනින් විරෝධය මතු කරමින් කලපු තිරය දෙසට ගමන් කර විසිර යාම දැක ගත හැකි විනි.

විරෝධතාකරුවන් තැනින් තැන දමා තිබු කසල එකතු කිරිමට පිරිසක් එක්ව සිටි ආකාරය දැක ගත හැකි විනි.