කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

October 12, 2018   08:30 am

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව සහ මාලපල්ල අතර දි දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ වන විට කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් ක්‍රියා කරමින් සිටින බව ද වාර්තා වෙයි.

හැකි ඉක්මනින් දුම්රිය ධාවනය අරඹන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.