තද සුළඟින් වවුනියාවට බාධා

තද සුළඟින් වවුනියාවට බාධා

October 12, 2018   08:25 am

වවුනියාව ප්‍රදේශයට පැවති සුළඟ හා වර්ෂාව හේතුවෙන් වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී වවුනියාව-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටි තිබු බව ප්‍රදේශවාසීන් පවසති.

මඩුකන්ද විද්‍යාලය ආසන්නයේදී තේක්ක ගසක් මාර්ගයට කඩා වැටී තිබු බව ද ප්‍රදේශවාසීන් පවසති.

ගස කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි පැවති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වි ගස කපා මාර්ගයෙන් ඉවත් කර තිබේ.

ඊයේ (11) සවස මෙය සිදුව ඇති අතර, වවුනියාව ප්‍රදේශයට පසුගිය දින කිහිපයේම වර්ෂාව ඇද වැටී ඇත.